කොරෝනා දේහයක් මහනුවර රෝහලේ මෝචරියේ…! අධිකරණ වෛද්‍ය නිලධාරීන් රාජකාරීයෙන් ඉවත් වෙයි…!

January 3, 2021 at 3:32 pm | by emanisa.lk

මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සියලු ම සේවකයන් අද දිනයේ තම රාජකාරී කටයුතුවලින් ඉවත් වී තිබේ.

කොරෝනා ආසාදිතයෙකුගේ මළ සිරුරක් එහි මෝචරියේ තැන්පත් කර තැබීමට විරෝධය පළ කරමින් මෙම ක‍්‍රියාමාර්ග ගෙන ඇත.

මෙම මළ සිරුර ඉවත් කරන්නැයි බලධාරීන් දැනුම්වත් කළ ද ඒ සිදු කර නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් කාර්යාලයේ සියලු දෙනා දැන් සෞඛ්‍ය අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවත් ඊට විරෝධය පාමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් ඔවුහු කියා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *