කොරෝනා ආසාදිත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි…!

February 4, 2021 at 7:34 pm | by emanisa.lk

කොරෝනා ආසාදිතව සිටි වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු අද (04) හවස අභාවප‍්‍රාප්ත වී ඇත.

ඔහු රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

මිය යන විට හෙතෙම 89 වන වියෙහි පසුවිය. පසුගිය සමයේ මහත් ආන්දෝලනයට පත් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘවරයා ද ඔහු ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *