දරුවන්ට අධ්‍යාපනය දෙන්න ඕන සිවිල් ආචාර්යවරු….! නමුත් කොතලාවල උගන්වන්නේ හමුදාකාරයෝ….! – ටිල්වින්…

July 30, 2021 at 5:13 pm | by emanisa.lk

කොතලාවල පනත සම්මත කරගතහොත් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ගේ උසස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහෝසි වන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

එසේ ම උසස් අධ්‍යාපනය මිලිටරීකරණයට ලක් කිරීමක් මේ ඔස්සේ සිදුවන බව ද ඔහු සඳහන් කරයි.

හමුදාවට අධ්‍යාපනය ලබා දීමට තමන් එරෙහි නොවුණ ද අධ්‍යාපනය හමුදාවට ලබා දීමට තමන් විරුද්ධ වන බව ද ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

දරුවන්ට අධ්‍යාපනය ලබා දිය යුත්තේ ඒ සම්බන්ධ පුහුණු ඇති සිවිල් ආචාර්යවරුන් බව ද ජවිපෙ ලේකම්වරයා පෙන්වා දෙයි.

ආණ්ඩුව උත්සාහ කරන්නේ පාලකයින්ට “යර්ස් සර්” කියන පරපුරක් නිර්මාණයට බවත් එය රටක හොඳ නැති බවත් ටිල්වින් සිල්වා වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *