කොඩිකන්දේ හිමි ඝාතනය පෞද්ගලික ආරවුලක්….! පොලිස් මාධ්‍ය ප්‍රකාශක…..

January 5, 2021 at 1:24 pm | by emanisa.lk

පසුගිය ජනවාරි 02 වෙනිදා හංවැල්ල කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ 65 හැවිරිදි උඩුවිල ධම්මසිරි හිමි පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පෞද්ගලික ආරවුලක් මත සිදු කළ අපරාධයක් බව මේ වන විට ලැබී ඇති සාක්ෂි අනුව නිගමනය කළ හැකි යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

පිරිසක් වෑන් රථයකින් පැමිණ එහිමියන් පැහැර ගෙන ගොස් ඇති බවත් මේ පිළිබඳ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ඔස්සේ පරීක්ෂණ සිදුකරන බවත් ඔහු සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු සහ වෑන් රථයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම ආරණ්‍ය සේනාසනයේ කුඩා සාමනේරයන් වහන්සේ නමකගේ මව සහ පියා මේ අතර සිටින බවත් හෙතෙම අනාවරණය කරයි.

මෙම අපරාධය අදාළ පිරිස සහ ඝාතනයට ලක් වූ භික්ෂූන් වහන්සේ අතර පැවැති අමනාපයක් නිසා සිදුකර ඇති බව දැනට වාර්තා වන බව ද අජිත් රෝහණ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *