කොටි සැමරීම දෙමළ ජනතාවගේ අයිතියක්! වාරණ පැනවීම අයිතීන් අහිමි කිරීමක්! දෙමළ පක්ෂ ජනපතිට ලියයි.

September 21, 2020 at 3:06 pm | by emanisa.lk

වසර 30ක පමණ කාලයක් තිස්සේ දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් අරගල කළ සටන්කාමීන් සිහිකිරීම දෙමළ ජනතාවගේ යුතුකමක් මෙන්ම අයිතියක් බවත් පවසමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර පළාත් දෙමළ දේශපාලන පක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යවා තිබේ.

ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ දෙමළ සටන්කාමීන් සිහි කිරීමට පනවා ඇති වාරණය ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඔවුන් සිහිකිරිමට වාරණ පැනවීම දෙමළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් යයි එම ලිපියේ සඳහන් කර ඇත.

අදාළ ලිපියට අත්සන් තැබීම උතුරු පළාත් සභාවේ හිටපු සභාපතිවරයාගේ කාර්යාලයේ දී සිදු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස