කොටි ම්ලේච්ඡත්වය ලොවට කියන්න හිටපු කොටි නායක කිරුබාකරන් රට වෙනුවෙන් ජිනීවා යන්න සූදානම්….!

January 16, 2021 at 1:19 pm | by emanisa.lk

කොටි සංවිධානයේ ම්ලේච්ඡත්වය ලෝකය හමුවේ අනාවරණය කිරීමට හිටපු ප්‍රාදේශීය කොටි නායකයකු ජිනීවා යාමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

යෝගරාජා කිරුබාකරන් නම් මොහු කොටි සංවිධානයට බැඳී ඇත්තේ 2006 වසරේ දී 23 හැවිරිදි තරුණයකු ලෙස ය. කොටි සංවිධානය කාර්මුගිලන් නමින් හැඳින් වූ මොහුගේ කොටි සංවිධානයේ අංකය 563 ය.

වසර තුනකට අධික කාලයක් මුහමලේ ප්‍රදේශය භාරව හමුදාවට ප්‍රහාර එල්ල කරමින් සිටි කිරුබාකරන් ප්‍රහාරයකින් පාදයක් ද අහිමි වූ අයෙකි.

වෙල්ලමුල්ලිවයික්කාල්හි දී හමුදාවට භාර වූ කිරුබාකරන් අනතුරුව හමුදාව යටතේ පුනරුත්ථාපනය වී මේ වන විට බුදු දහම ද වැළඳ ගෙන මුලතිව් ප්‍රදේශයේ සිය ව්‍යාපාරික කටයුතු කරගෙන ජීවත් වෙයි.

මේ කිරුබාකරන් පිළිබඳ වාර්තා වැඩසටහනකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *