වසර 30ක් පුරා පැවැති කොටි ත්‍රස්තවාදය පරාජය කර අදට (18) වසර 16ක් සපිරෙයි.
2009 මැයි මස 18 වෙනි දින වෙල්ලමුල්ලිවයික්කාල් කලපුවේ දී කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුර හමු වීමත් සමග LTTE පරාජය සනිටුහන් විය.
ඒ නිමිත්තෙන් පැවැත්වෙන 16 වැනි ජාතික විජයග්‍රාහී රණවිරු සැමරුම් උත්සවය හෙට (19) සවස 4.00ට පාර්ලිමේන්තුව අසල පිහිටි රණවිරු ස්මාරකය අබියස දී පැවැත්වෙයි.