භික්ෂූන් වහන්සේලාගේ සිවුර ගලවා දැමූ ආණ්ඩුව, කෛලාසනාරා නම් ඉන්දියානු හින්දු පූසාරියෙකු රාජ්ය අනුග්රහය යටතේ ලංකාවට ගෙන්වා ගෙන මහ ඉහළින් හින්දු නව රාත්රී පූජාව සැමරූ බව යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන් පවසයි.
වසර 40ක් තිස්සේ යුද්ධ කළ කොටි සංවිධානයට බුද්ධාගම විනාශ කළ නොහැකි වුවද පිළිම වන්දනාව ගෝත්රික යැයි කියන ඇමතිලාට ඩොලර් ටිකක් ලබාදුන් ඩයස්පෝරාවට බුදු දහම රටටම නැත්තටම නැති කර දැමීමට හැකි වූ බවද මන්ත්රීවරයා ප්රකාශ කරයි.
වසර 2300ක් බුදු දහම ආරක්ෂා කළේ රටට, මිහින්තලේ කොත් පැළඳවීම සඳහා පැමිණි බෞද්ධ තායිලන්ත නි. අගමැතිනියට කිසිදු රාජ්ය අනුග්රහයක් ලබා නොදුන් බවත් මෙය ලක්ෂ්මන් කදිරගාමර් වැනි දෙමළ නායකයන් ජීවත් වූ රට බව මතක තබාගත යුතු බවත් අර්චුනා රාමනාදන් අවධාරණය කරයි.
අද (23) පාර්ලිමේන්තුව අමතමින් ඔහු ප්රකාශ කළේ භික්ෂූන් වහන්සේලාගේ සිවුර ගැලවූයේ යැයි කියා දෙමළ ජනතාව ආණ්ඩුවට ඡන්දේ නොදෙන බවයි.