සම්බුදු සසුනට පරංගින්ට වඩා විනාශයක් මාලිමා පරංගි ආණ්ඩුව විසින් සිදුකරමින් ඇතැයි පූජ්ය උලපනේ සුමංගල හිමි පවසයි.
මේ මාලිමා කොඩිවිනය පිළිබඳ අනතුර තමන් වහන්සේලා මුල සිට දුටු බවත් අවසානයේ මේ නිරාගමික ආණ්ඩුව හාමුදුරුවන්ගේ සිවුරු ගලවන තැනට පත්වූ බවටද එහිමියන් චෝදනා කරයි.
ඥානසාර හිමියන්ට හිමිවූ ජනාධිපති සමාව නිලධාරීන්ගේ තාක්ෂණික දෝෂයක් පදනම් කරගෙන අවලංගු කර මේ වන විට ගෙවා අවසන් කළයුතු දඬුවමක් නැවත පැනවීම බලවත් අසාධාරණයක් බවද සුමංගල හිමි පෙන්වා දෙයි.
එම වරදට දඬුවම් ලැබිය යුත්තේ නිලධාරීන් මිස ඥානසාර හිමි නොවන බවත් මාලිමාණ්ඩුවෙහි ශාසනයට ඇති වෛරය පිරිමසා ගැනීමට ඥානසාර හිමි බිලගෙන ඇති බවටත් උන් වහන්සේ ප්රකාශ කරති.
කොටපිටියේ රාහුල අනුනාහිමි ප්රමුඛ තිස් නමක් භික්ෂූන් වහන්සේලාගේ අවවාද අනුශාසන නොපිළිපැද ඔවුන්ට විරුද්ධව මාලිමා පරංගි ආණ්ඩුව තහනම් නියෝගයක් ලබාගත් බවටද සුද්දා වාරියපොළ සුමංගල හිමිට විරුද්ධව සිදුකළ අවමානයට පසු මෙවැනි නින්දාවක් සිදුකළේ මාලිමාණ්ඩුව බවටද උලපනේ සුමංගල හිමි චෝදනා කරයි.
මාලිමා පරංගි බුදු සසුනට සිදුකළ අපහාසය නිවැරදි කරන තුරු සිය සටන අතනොහරින බවත් වැඩිකල් නොයා තමන් පැලවත්තට පැමිණිනෙන බවත් එහිමියෝ වැඩි දුරටත් පවසති.
උලපනේ සුමංගල හිමි මේ බව සඳහන් කළේ අද (16) කොළඹ විහාරමහාදේවි උද්යානයේදී සිවුරට යුක්තිය විරෝධතාව නැවත ආරම්භ කරමිනි.