යුද සමයේදී රාජපක්ෂ ආණ්ඩුව කලු සල්ලි යොදවා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත්තැයි මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය ජාත්‍යන්තර වශයෙන් රටේ කීර්ති නාමයට හානියක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් කළ යුතු බව ද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු අද (02) කියා සිටියේ ය.
මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය නිසා ජාත්‍යන්තර සංවිධානවල සහය රජයට ලැබේ දැයි ප්‍රශ්නයක් තිබෙන බව ද වජිර අබේවර්ධන සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ එජාප සභාපතිවරයා කීවෙි, එවකට රජය අවි මිල දී ගැනීම සඳහා කළු සල්ලි යොදා ගත්තේ ඇයිදැයි පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු බවයි.