කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ නව වාර්තාවක් තැබීමට සියලු කොටස් මිල දර්ශකයේ අද (26) සමත් විය. ඒ, එහි ඉහළ ම අගය වාර්තා කරමිනි.
අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,920.71 ක් ලෙසින් සටහන් විය. 2021 ජනවාරි 27 දින සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 8,812.01 ක් ලෙස වාර්තා විය.
එදිනට සාපේක්ෂව ඒකක 164.08 කින් හෙවත් 1.87% කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් තිබේ. දෛනික පිරිවැටුම රු. බිලියන 10.49ක් ලෙස සටහන් විය.