මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාස 4කින් නිවාස කුළි ගෙවා නැතැයි වාර්තා වෙයි.
එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක් ගතවී ඇතත් ඒ සඳහා මෙතෙක් ඔහුගෙන් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය සඳහන් කරයි.
අරගල සමයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස ගිනි තබා විනාශ කිරීමෙන් පසු ඒ මහතාට තාවකාලිකව රැඳී සිටීම සඳහා කුලී පදනම මත ඔහුගේ මාසික වැටුපෙන් 10% ක මුදලක් අය කර ගැනීමේ ගිවිසුමකට අනුව මහනුවර මලබාර් වීදියේ පිහිටි මධ්‍යම පළාත් මහ අමාත්‍ය නිල නිවස ලබා දී තිබේ.
හිටපු අමාත්‍යවරයා පෙබරවාරි මාසයේදී රක්ෂිත බන්ධනාගාර ගතවීමෙන් පසු මාස හතරක කාලයක් එම මුදල් අයවීම නතර වී ඇත. ඔහුගේ වැටුපෙන් 10% ක මුදලක් කපා ගැනීම සඳහා කැමැත්ත ඉල්ලා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය ලිපියක් යොමු කොට ඇතත් ඊට මෙතෙක් ප්‍රතිචාර ලැබේ නොමැති බවද ප්‍රධාන අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය .