කෙහෙළිය ලංකාවේ බෙහෙත් එපා කීවේ නෑ.. සිංගප්පූරු බෙහෙත් ඉල්ලුවෙත් නෑ..! – බන්ධනාගාර කොමසාරිස්..

February 6, 2024 at 7:39 pm | by emanisa.lk

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ලබා දුන් ඖෂධ ප්‍රතික්ෂේප කිරීමක් හෝ සිංගප්පූරු ඖෂධ ඉල්ලීමක් මෙතෙක් වාර්තා වී නැතැයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක පවසයි.

බන්ධනාගාර කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළේ වෛද්‍ය නිර්දේශ මත බවයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලීම පරිදි ඔහුට සිය නිවසින් ආහාර ගෙන්වා ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවත් එය සියලු සිරකරුවන්ට පොදු දෙයක් බවත් හෙතෙම සඳහන් කරයි.

හිටපු අමාත්‍යවරයා ජාතික රෝහලට ඇතුළත් කිරීමට අවශ්‍ය ද එසේ නම් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ යුතු ද වෛද්‍ය නිර්දේශ මත අධිකරණය දැනුම්වත් කිරීමෙන් අනතුරුව තීරණය කරන බව ද ගාමිණී දිසානායක වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *