කෙහෙළිය සොයා මහින්ද වැලිකඩට..!

February 29, 2024 at 2:50 pm | by emanisa.lk

බාල බෙහෙත් ආනයනය කිරීමේ සිද්ධියේ අට වැනි සැකකරු ලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර දැනට වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටින හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28) එම රෝහල වෙත ගොස් තිබේ.

ඊයේ (28) දහ­වල් 12.00ට පමණ එහි ගිය හිටපු ජනාධිපතිවරයා රඹුක්වැල්ල මහතා සමඟ විනාඩි 30ක් පමණ කතාබහක නියැළුණු බවද බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (29) දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඊයේ (28) පස්වරුව වන විට ඒ මහතා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවූ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *