සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම තනතුරින් ඉවත් කිරීමේ තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බවට ඉඟි කර තිබෙන්නේ පසුගිය බදාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ය.
සෞඛ්‍ය ඇමතිවරයාට වැරදි උපදෙස් දෙමින් ඔහු වැරදි මාර්ගයක ගෙන යන්නට වගකිවයුතු නිලධාරීන් ක්‍රියා කර ඇත්නම් ඒ බව විමර්ශනය කිරීමේදී තොරතුරු අනාවරණය වන්නේ නම් එවැනි නිලධාරීන් මාරු කිරීමට පියවර ගත නොහැකි දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර තිබේ.
ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ නිලධාරීන්, එසේ කටයුතු කර තිබේ නම් ඔවුන් ඉවත් කිරීම හෝ ඔවුනට එරෙහි යම් පියවරක් ගැනීම ඇමතිවරයාගේ වගකීමක් බව ය.
නිලධාරීන් “කැලෑපාරේ යනවා නම් නියම ට්‍රැක් එකකට දාගත යුත්තේ ඇමතිවරයා විසින් බව” ද එය ඇමතිවරයාගේ වගකීම බව ජනාධිපතිවරයා එහි දී අවධාරණය කර තිබේ.