කුලියාපිටිය බුදු පිළිමයේ සිරස කැඩූ ඉන්දියානුවා හදිසියේ මරුට…!

April 6, 2021 at 12:25 pm | by emanisa.lk

කුලියාපිටිය ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ මිය ගොස් තිබේ.

දිලීප් කුමාර් නැමැති 45 හැවිරිදි ඉන්දියානු ජාතිකයා ඊයේ (05) රාත්‍රියේ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් වාරියපොළ රෝහලට ඇතුළත් කර ඇත.

රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

මෘත ශරීරය වාරියපොළ රෝහලේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්ෂණය අද (06) සිදුකිරීමට නියමිතය. මෘත ශරීරය කොරෝනා පරීක්ෂාවකට ද ලක් කිරීමට නියමිත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *