කුරුණෑගල නගරාධිපති ධූරයෙන් නෙරපයි..!

January 22, 2023 at 11:26 am | by emanisa.lk

කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව පරාජයට පත් වීමෙන් පසුව එය මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන ආකාරයට සම්මත කර ගැනීමට කටයුතු කළ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ එම තනතුරෙන් ඉවත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ලබා දී ඇති උපදෙස් අනුව නගරාධිපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ආණ්ඩුකාරවරයා විසින් අද (21) නිකුත් කර ඇත.

ඒ අනුව තුෂාර සංජීව විතාරණ 2022.12.31 වන දින සිට කුරුණෑගල නගරාධිපති ධූරයෙන් ඉවත් කළා යැයි සැලකෙන අතර වහාම බල පැවැත්වෙන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරය පුරප්පාඩුව ඇති බවද එම ගැසට් නිවේදනයෙහි සඳහන්වේ.

තුෂාර සංජීව විතාරණ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවත් රැසක් පසුගිය කාලයේදී වාර්තා වූ අතර ඔහු ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කුරුණෑගල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *