කුප්පි ලාම්පු ලේස්ති කරගන්න..! 25 හවස් වෙද්දි දැවි තෙලුත් ඉවරයි…! දිනපතා විදුලි කප්පාදුව ස්ථිරයි…!

January 23, 2022 at 4:44 pm | by emanisa.lk

ලබන 25 වැනිදා සිට විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා පැවසුවේ තාප විදුලි බලාගාරවල දැවි තෙල් ලබන 25 වැනිදා වන විට අවසන් වන බවයි. එ් අනුව 25 වැනිදා රාත්‍රීයේ සිට විදුලි සැපයුම කප්පාදු කිරීමට සිදුවන බව ඔහු පැවසීය.

දැවිතෙල් නොමැතිවීම නිසා විදුලි බලාගාර කිහිපයක් ඇන හිටීමෙන් අඟහරුවාදා සිට මෙගාවොට් 183ක ප්‍රමාණයක් විදුලිබල පද්ධතියට අහිමි වන බවත් ඒ හේතුවෙන් රාත්‍රී කාලයේ දී අනිවාර්යයෙන්ම විදුලි සැපයුම අත්හිටුවීමට සිදු වන බවත් ආචාර්ය සුසන්ත පෙරේරා සඳහන් කරයි.

මෙම තත්ත්වයත් සමග විදුලි සැපයුම විසන්ධි කරන වේලාවන් හෙට (24) දැනුම් දෙන බව වැඩබලන සාමාන්‍යධිකාරීවරයා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *