කිහිලිකරුවට වැට් ගහන්නේ රෝද හයි කරලා ද..? – හඳුන්නෙත්ති…

December 12, 2023 at 6:03 pm | by emanisa.lk

ආණ්ඩුව රටට ඉදිරිපත් කළ යුත්තේ වැට් බදු අය නොකරන භාණ්ඩ හා සේවා ලැයිස්තුව නොව එම බද්ද අය කරන ලැයිස්තුව බව ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති පවසයි.

මේ වන විට එම බද්ද අය කරන භාණ්ඩ හා සේවා මොනවා දැයි ව්‍යාපාරිකයා හෝ පාරිභෝගිකයා හෝ නොදන්නා බවයි, ඔහු ප්‍රකාශ කළේ.

වැට් බද්ද යනු එකතු කළ අගය මත පනවන බද්ද බවත් ඒ අනුව ගිලන් රථ හෝ කිහිලිකරු සඳහා එම බද්ද අය කළ නොහැකි බවත් සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.

ගිලන් රථය සඳහා වැට් බදු පනවන්නේ නව කොටසක් එකතු කිරීමෙන් හෝ කිහිලිකරු සඳහා නව බදු පනවන්නේ ඊට රෝද සවි කිරීමෙන් දැයි ඔහු ප්‍රශ්න කරයි.

වැට් බදු පනවන භාණ්ඩ ලැයිස්තුව කිසිවෙකු නොදන්නා නිසා ඕනෑම භාණ්ඩයක් සඳහා වැට් අය කිරීමට හැකි යැයි මුදලාලිලා සිතනු ඇති බවත් එහෙයින් කටකතාවලින් පවා බදු පැනවිය හැකි බවටත් සුනිල් හඳුන්නෙත්ති අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *