හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉවත් වීමට සිදුවූයේ ඔහුගේ පවුලේ සාමාජිකයන් නිසා බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රි දිලිත් ජයවීර පවසයි.
ගෝඨාභය රාජපක්ෂට වංචා, දූෂණ චෝදනා කිසිවක් නොමැති බවද එසේ නම් ඔහුට ජනාධිපති ධුරයෙන් සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව ද දිලිත් ජයවීර පෙන්වා දෙයි.
දරුවකු ඉපදුණු දා සිට මරණය දක්වාම මෙහෙය වන්නේ දේශපාලනය විසින් බව ද එය සියලු දෙනා තේරුම්ගත යුතු අතර තමාද දේශපාලනයෙන් මෙපිට සිට සක්රිය දේශපාලනයට පැමිණියේ එම නිසා බව ද හෙතෙම පෙන්වා දෙයි.
පසුගියදා පැවැති වැඩසටහනකදී අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා මේ බව ප්රකාශ කළේය.