කිරිපිටි ආනයනය නවතා දැමේ…! රට පුරා දැඩි කිරිපිටි හිඟයක්…. !

August 7, 2021 at 8:16 pm | by emanisa.lk

විදෙස් කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවීමට කිරිපිටි ආනයනකරුවන් කටයුතු කර ඇතැයි වාර්තා වෙයි. කිරිපිටි ආනයන සමගම විසින් ඉල්ලා තිබෙන මිල වැඩිවීම ලබා නොදීම නිස මෙම තීරණය ගෙන තිබේ. මේ නිසා රට පුරා විශාල කිරිපිටි හිඟයක් නිර්මාණය වී ඇති බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නඟති.

එම සමාගම් මිල ඉහළ නැංවීමට කිහිප විටක් ඉල්ලීම් කළ ද පාරිභෝගික අධිකාරිය හෝ වෙළෙඳ අමාත්‍යාංශය ඒ සඳහා ඉඩ ලබා දුන්නේ නැත. ඒ අනුව තවදුරටත් පාඩු ලැබිය නොහැකි හෙයින් ඇනවුම් කිරීම අත්හිටුවා ඇතැයි සමාගම් ආරංචි මාර්ග පවසයි.

පවතින තත්ත්වය මත සමාගම් සතුව තිබෙන කිරිපිටි තොග වෙළෙඳපොළට නිකුත් කිරීම ද 65%කින් පමණ සීමා කිරීමට ද සමාගම් කටයුතු කර තිබේ. මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ පසුගිය සමයේ කිරිපිටි සමාගම් අධික ලෙස ලාභ ලැබූ බවත් මෙම අර්බුදකාරී අවස්ථාවේ ජනතාව මෙන් ම සමාගම් ද යම් කැපකිරීමක් කළ යුතු බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *