කිරින්ද ඛනිජ නිධිය විකුණන්න සජිත් ප්‍රේමදාස ඉඩතියන්නේ නෑ…! – සජිත් ප්‍රේමදාස…

April 12, 2021 at 10:08 pm | by emanisa.lk

කිරින්ද වෙරළ තීරය ආශ්‍රිතව පිහිටා ඇති ඛනිජ නිධිය විකිණීමට විපක්ෂය ඉඩ නොතබන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

“රජය යෝජනා කරලා තියෙනවා ඉන්දියානු සමාගමක් එක්ක එකතු වෙලා කැණීම් කටයුතු ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ඛනිජ සම්පත් ලබාගන්න. මේ වැලි වැටිය 2004 සුනාමි ඛේදවාචකයෙන් ජීවිත රැසක් බේරා ගැනීමට සමත් වුණා.

විශේෂයෙන් ම මේ ප්‍රදේශයේ කොටසක් ජනතාව රවට්ටලා තියෙනවා වරුවකට රු 4000 බැගින් එක් පුද්ගලයෙකුට ගෙවීම් කරනවා කියලා. වරුවකට ලක්ෂ 4ක් දුන්නත් මේ පරිසර හානිය, මේ මහා සම්පත මුදලින් තක්සේරු කරන්න බෑ.

මම ඇමති කෙනෙක් විදියට කටයුතු කළා. එතකොට ඔය කියන සමාගම් මාවත් හමුවන්නට ආවා. මම කියන්න කැමතියි කිසිදිනක විකුණුනෙත් නෑ. විකිණෙන්න බලාපොරොත්තුවකුත් නෑ. මේ වැලි වැටිය විනාශ වන්නට සජිත් ප්‍රේමදාසවත්, විපක්ෂයවත්, සමගි ජන බලවේගයවත් ඉඩ තබන්නේ නැති බව.”

කිරින්ද ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට අද (12) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *