කැරට් බෝංචි ඉල්ලුම බහී…! කොහිල කෑම 45%කින් ඉහළට…!

March 30, 2023 at 1:04 pm | by emanisa.lk

2022 ආර්ථික අර්බුදය උත්සන්න සමයේ මෙරට කොහිල පරිභෝජනය සියයට 45කින් ඉහළ නැඟ තිබු බව පර්යේෂණ වාර්තාවක් තහවුරු කරයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් මෑතක දී සිදු කරන ලද පර්යේෂණ කිහිපයක වාර්තා 05ක් ඊයේ (29) එළිදක්වමින් මේ බව අනාවරණය කළේය.

2021 සැප්තැම්බර් මස සිට 2022 අවසානය දක්වා මෙරට ආහාර උද්ධමනය සියයට 95ක් දක්වා ඉහළ ගියේය. එමෙන්ම නිදහසින් පසු මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය මෙය බව ද වාර්තාව දක්වයි.

ආර්ථික අර්බුදය පැවැති 2021 හා 2022 කාලය තුළ ගෘහස්ථව එලවළු පරිභෝජනය ගත් කළ කොහිල ව්‍යංජන සඳහා යොදා ගැනීමට ඇති ඉල්ලුම සියයට 45ක් දක්වා ඉහළ ගොස් තිබිණි. වැඩි දෙනෙක් අවටින් සපයා ගත හැකි කුමක් හෝ එලවළුවක් ආහාර සඳහා යොදා ගෙන ඇත.

ඊට සාපේක්ෂව බෝංචි සියයට 30කින්, කැරට් සියයට 29කින්, වට්ටක්කා සියයට 27කින්, වම්බටු සියයට 27කින් කොළ සහිත එලවළු සියයට 10කින් වශයෙන් පරිභෝජනයට ගැනීම පහත වැටී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *