කැනඩා අගමැතිගේ නොහොබිනා ප්‍රකාශයට ශ්‍රී ලංකාවේ විරෝධය…!

July 26, 2023 at 8:30 am | by emanisa.lk

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩොව් පසුගිය 23වනදා සිදුකළ ප්‍රකාශයක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එමගින් සඳහන් කර ඇත්තේ කැනඩා අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශය මගින් දෙමළ ජන සංහාර අනුස්මරණ දිනයක් ගැන සඳහන් කිරීම විදේශ කටයුතු අමාත්‍යාංශය එකහෙළා ප්‍රතික්ෂේප කරන බවය.

එරට මැතිවරණ ජයග්‍රහණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ අතීත ගැටුම් පිළිබඳව සිදුකරනු ලබන මෙවැනි අසත්‍ය ප්‍රකාශ වාර්ගික සංහිඳියාවට බාධාවක් බව ද විදේශ අමාත්‍යාංශය පවසයි.

එසේම ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ප්‍රගතිය සංහිඳියාව ඇති කිරීම සඳහා සහාය වන ලෙස ද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩි දුරටත් කැනඩාවෙන් ඉල්ලා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *