හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
කතරගම ප්රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බව සඳහන්ය.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ද මිග් යානා ගනුදෙනු ඇතුළු විවිධ ගැටලු පිළිබඳ විමසීමට ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවුයේය.