කාලි අම්මා දේවාලයට හොරු පනී…! දෙවියන්ගේ ඇස් දෙකයි රන් මාලයයි අතුරුදන්…!

July 14, 2023 at 6:03 pm | by emanisa.lk

පුත්තලම, උඩප්පුව ශ්‍රී වීරභද්‍ර කාලි අම්මාන් කෝවිලට ඇතුළු වූ සොරකු එහි තිබූ රුපියල් ලක්ෂ 25කට අධික වටිනාකමකින් යුත් රන් මාල හා පඬුරු පෙට්ටියෙහි තිබූ විශාල මුදලක් ද සොරා ගෙන ඇතැයි වාර්තා වෙයි.

අද (14) අලුයම සො‍රා කෝවිලේ ඉබි යතුරු කඩා ඊට ඇතුළු වී ඇති බව උඩප්පුව පොලිසිය වාර්තා කර ඇත.

බැතිමතුන් විසින් කාලි දෙවියන් උදෙසා පූජා කළ රන් පවුම් 12ක මාලයක් ද රනින් සකසා තිබූ කාලි දෙවියන්ගේ නේත්‍ර දෙක ද සොරකම් කර ඇත.

සොරකම පිළිබඳ උඩප්පුව පොලිසියට අමතර ව පොලිස් ඇඟිලි සලකුණු නිලධාරින් හා පොලිස් ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරින් ද පරීක්ෂණ ආරම්භ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *