කාලයක් තිස්සේ කඩා වැටුණු ආර්ථිකය මම ස්ථාවර කළා…! – රනිල්…

December 4, 2022 at 6:11 pm | by emanisa.lk

මේ රටේ ආර්ථික කඩා වැටීම එක වර සිදු වූවක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

“මම බලන්නේ එළඹෙන අවුරුදු 25 තුළදී මීට වඩා හොඳ ආර්ථිකයක්, ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඉදිරියට යන්න පුළුවන් ආර්ථිකයක් හදාගත යුතුයි. මේ අයවැයෙන් තමා එක පටන් ගන්නේ.

මම අගෝස්තු මාසේ ගෙනාව අයවැයෙන් මේ රටේ කඩා වැටුණු ආර්ථිකය ස්ථාවරභාවය ඇති කළා. 2023 සිට අලුත් ආර්ථිකයක් හදන්න වැඩ ආරම්භ කරන්න.

මේ රටේ තිබුණ ආර්ථික කඩා වැටීම එක සැරේ වුණ එකක් නෙමේ. එය අවුරුදු 2කට පෙර මම දැන සිටියා. තාම රටේ ආර්ථීකය තියෙන්නේ කොළඹ. ඕකනේ ඇත්ත. ආර්ථීකය හදන්න ඕනේ ප්‍රාදේශීයව. එකට තමා දැන් මේ උත්සහ කරන්නේ.”

2048 වේදිකාව නැමති තරුණ සංවිධානය අයවැය පිළිබඳ ගැටලු සාකච්ඡා කිරීමට ජනාධිපති නිල නිවසේදී සංවිධාන කර තිබු විශේෂ වැඩසටහනකට ඊයේ (03) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *