යුද්ධය නිමා කළ වහාම මහින්ද රාජපක්ෂ චීන ජනාධිපති ෂී ජීං පිං ලංකාවට ගෙන්වා මහත් පිළිගැනීමක් ලබා දීමත් සමග ම බටහිර බලවේග මහින්ද රාජපක්ෂ එළවා දැමීමේ කුමන්ත්රණය දියත් කළේ ඒ් සමග බව බෙල්ලන්විල රාජමහා විහාරාධිපති, ආචාර්ය බෙල්ලන්විල සෝමරතන හිමි පවසයි.
මේ රටේ අවාසනාවන්ත මිනිස්සු ඉතා ම කාලකන්නි විදිහට බටහිර බලවේග වෛරය වපුරමින් ගෙන ගිය කුමන්ත්රණයට සහයෝගය ලබා දී මහින්ද රාජපක්ෂ බලයෙන් නෙරපා දැමූ බව ද ධම්මරතන හිමි පෙන්වා දෙයි.
වරාය නගරය දියුණු කිරීම ඇතුළු එදා චීන ජනාධිපතිවරයා ලංකාවට ගෙන්වා ගැනීමේ ප්රතිලාභ ලබා ගෙන ඉදිරියට යාමට හැකි වූයේ නම් අද මේ රට ණය අර්බුදයකට හසු නොවන බවයි, එහිමියන් ප්රකාශ කළේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන් දිනය වෙනුවෙන් පැවැති පිංකමක් සඳහා එකතු වෙමින් ධම්මරතන හිමි මේ බව සඳහන් කළේය.