කාදිනල්තුමා පළමු වතාවට ගෝඨාභය රාජපක්ෂට මේ රට පාවා දුන් බවත් එහි ප්‍රතිවිපාක ජනතාව අදටත් භුක්ති විඳින බවත් එජාප මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර පවසයි.
අද දෙවෙනි වතාවට කාදිනල්තුමා දැනුම්වත්ව හෝ නැතිව ඊටත් වඩා භයානක කල්ලියක් වෙත රට පාවා දීමට සූදානම් වන බවයි, එජාප මහ ලේකම් ප්‍රකාශ කළේ.
පාස්කු ප්‍රහාරය සිදු කළ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්‍රාහිම්ගේ පුත්තු දෙදෙනා නියෝජනය කළ සහරාන් කල්ලිය සහ ජනතා විමුක්ති පෙරමුණ පූට්ටු කිරීමට සූදානම් වන්නේ දැයි සැකයක් මතු වන බව ද පාලිත රංගෙබණ්ඩාර කීය.
අද (20) මාධ්‍ය හමුවක් අමතමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ලිපියක් කාදිනල්තුමා විසින් පිළිගැනීම පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.