කාඩ් එකෙන් ගෙවීම් කරද්දි ව්‍යාපාරික ගාස්තුව පාරිභෝගිකයා පිට පැටවීම නීති විරෝධියි…! – මහ බැංකුව..

January 27, 2024 at 11:03 am | by emanisa.lk

කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ දී ව්‍යාපාරිකයා විසින් දැරිය යුතු ගාස්තුව පාරිභෝගිකයාගෙන් අය නොකළ යුතු බව මහ බැංකුව පවසයි.

මහ බැංකු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති Yvette Fernando ප්‍රකාශ කළේ බොහෝ අවස්ථාවල ව්‍යාපාරිකයා දැරිය යුතු ගාස්තුව පාරිභෝගිකයා වෙත යොමු කරන බවයි.

ඔහු පෙන්වා දුන්නේ ව්‍යාපාරිකයා සහ බැංකුව අතර ගිවිසුම්ගත වීමේ දී අදාළ ගාස්තුව දැරීමට ව්‍යාපාරිකයා එකඟව ඇති බවයි.

මෙම ක්‍රියාව අදාළ බැංකු පවා දැනුම්වත්ව සිදුවන බව සඳහන් කළ Yvette Fernando එය නැවත සිදුවන්නට ඉඩ නොදිය යුතු බව ද අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *