කළු හැඳ මුහුදට මල් දමා කොටි සැමරුමක් සංවිධානය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට….!

May 18, 2021 at 2:45 pm | by emanisa.lk

යුද්ධයේ දී මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන් සමරමින් මඩකලපුව කල්කුඩා වෙරළ තීරයේ සැමරුම් උත්සවයක නිරත වෙමින් සිටි පුද්ගලයකු ත්‍රස්තවාදය වැළැක්වීමේ ආඥා පනත අද (18) පෙරවරුවේ කල්කුඩා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මොහු අද පෙරවරුවේ කල්කුඩා වෙරළ තීරයේ තවත් පුද්ගලයන් 8 දෙනකු සමඟ එක්ව මුහුදට මල් දමා වෙරළ තීරයේ පහන් දල්වමින් සිටිය දී කල්කුඩා පොලීසියට ලැබුණු තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොවුන් සියලු දෙනා ම කළු පැහැති ඇඳුම් ඇඳ ගෙන සිටි බව ද පොලිසිය කියයි. .
මියගිය එල්ටීටීඊ සාමාජිකයින් සැමරුම් උත්සව කිහිපයක් මඩකලපුව කොට්ඨාශයේ සිදු කිරීමට නියමිත බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එය වළක්වමින් පුද්ගලයන් 28 දෙනකුට එරෙහිව අධිකරණ නියෝග ලබා ගෙන තිබිණි.

අත්අඩංගුව ගත් එම සැකකරු ද අධිකරණයෙන් තහනම් නියෝග ලැබ සිටි පුද්ගලයකු බව ද පොලීසිය පවසයි . මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් සැකකරු දැනුම්වත් කර ඔහුගේ නිවසේ ද එම නියෝගය අලවා තිබියදී සැකකරු ඒ බව නොතකා මෙම සැමරුම් උත්සවය සංවිධානය කර ඇති බවද පොලිසිය කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *