යහපාලන කාලේ ඇරඹි කොටි සැමරුම්වලට ඉඩ නෑ….! වෙල්ලමුල්ලිවයික්කාල් පිවිසුම් මාර්ග සියල්ල හමුදාව වසයි…!

May 17, 2021 at 11:50 pm | by emanisa.lk

කොටි ත්‍රස්තවාදය පරාජය කරන අවසන් සටන සිදු වූ වෙල්ලමුල්ලිවයික්කාල් වෙත වැටී ඇති සියලු මාර්ග හමුදාව විසින් වසා දමා ඇතැයි වාර්තා වෙයි.

නිරෝධායන නීතිවලට අනුව මුල්ලිවයික්කාල් සැමරුම් සඳහා මුලතිව් අධිකරණයෙන් අවසර ලබා දී ඇතැයි ටැමිල් ගාඩියන්ස් වෙබ් අඩවිය පවසයි.

කෙසේ වුව ද අධිකරණ තීන්දුව තමන්ට නොලැබුණු බව ප්‍රකාශ කරමින් ආරක්ෂක හමුදාව කිසිවෙකුට මුල්ලිවයික්කාල් වෙත යාමට ඉඩ ලබා නොදෙන බව ද එම වෙබ් අඩවිය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

2015 වසර වන තුරු කිසිදු කොටි සැමරුමක් සඳහා අවසර නොලැබුණ ද යහපාලන ආණ්ඩුව සමයේ කොටි සැමරුම් සඳහා අවසර ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *