කස්සප හිමි වැටුණා… ගැහුවා කිව්වොත් නීතිය ක්‍රියාත්මක කරනවා…! – පොලිසිය…

October 18, 2026 at 11:34 am | by emanisa.lk

බලංගොඩ කස්සප හිමිට පොලිසිය පහරදී රෝහල්ගත කළ බවට අසත්‍ය ප්‍රචාර සිදුකරන පිරිසට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එහිමියන් රෝහල්ගතකර ඇත්තේ විහාරමහාදේවි උද්‍යානයේ පය ලිස්සා ඇද වැටීමෙන් තුවාල ලබා බවයි. මේ වන විට කස්සප හිමි ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අනාවරණය කරයි.

ඇතැමුන් මෙම සිදුවීම පදනම් කරගෙන ජනතාව කුපිතකර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවද මෙම අසත්‍ය ප්‍රචාර පතුරුවන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *