මාලිමාණ්ඩුවෙන් මූල්‍ය අක්‍රමිකතා වුණත් හොරා කන්නේ නෑ… අරගලයේ කස්සප හිමිගෙන් ආණ්ඩුවට චරිත සහතිකයක්…

June 5, 2026 at 4:51 pm | by emanisa.lk

මාලිමාණ්ඩුව යටතේ මූල්‍ය අක්‍රමිකතා සිදුවුවද පැරණි දේශපාලකයන් මෙන් ජාතික ධනය සූරාකමින් ධන කුවේරයන් බවට පත්වීමේ ගමනක් වර්තමාන පාලකයන් තුළින් දැකගත නොහැකි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි පවසයි.

මෙම ආණ්ඩුව බලයට පත්වීමට පෙර වැලි කපමින් පස් කපමින වනාන්නතර විනාශ කරමින් බයිසිකලයෙන් පැමිණි දේශපාලකයන් මහා ධන කුවේරයන් බවට පත්ව සයිරන් නළා හඬවමින් පරිවාර වාහන සහිතව ගමන් ගියද අද එවැනි දේ සිදු නොවන බවද කස්සප හිමි ප්‍රකාශ කරයි.

එහෙයින් මෙම ආණ්ඩුවට පසු පැරණි දූෂිතයන් නැවත සුදු රෙදි හැඳ බලයට පත්වීමට සූදානම් වුවහොත් කිසිසේත් ඊට ඉඩ නොතබන බවද කස්සප හිමි අවධාරණය කරයි.

එහිමියන් මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස