කවුරු විරුද්ධ වුව ද පාඩු ලබන ආයතන රජයේ පීඩනයෙන් ඉවත් කරගත යුතු බව තමාගේ අදහස යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
පාර්ලිමේන්තුවේ දී අද (18) හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ මොහොතේ දී දැඩි ප්රතිපත්තිවල එල්බගෙන සිටියහොත් ක්‍රියාකාරී සැලැස්මට ගමන් කිරීමට බාධා මතුවන බව ද ඔහු සඳහන් කළේය.
අමාත්‍ය රඹුක්වැල්ල මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.