උනුත් එකයි මුනුත් එකයි කියා කිසිදා රැකියාවක් පවා නොකළ පිරිසකට භාර දී රටක් ගොඩනැඟිය නොහැකි බව හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අත්දැකීම් නොමැති පිරිසකට රට භාර දීම නිසා මෙම විපතතට රට වැටුණු බවයි.
රටේ මේ මොහොතේ ඇත්තේ දූෂණ විරෝධී පක්ෂය සහ දූෂණයට හිතවත් පක්ෂය පමණක් බවයි, රොෂාන් රණසිංහ අවධාරණය කළේ.
රටේ නායකයා ධූරාවලිය පැත්තකට දමා ප්‍රධාන ව්‍යාපාරිකයින්ගේ සහ ආයෝජකයින්ගේ දෙපා මුලට යා යුතු බව ද හෙතෙම කීය.
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් සමුළුවක් අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.