කලා විෂය ධාරාව හැදෑරු සිසුන් ද හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස ආයතන රෙගුලාසි සංශෝධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
එසේ ම දිවයිනේ සෑම රෝහලක්ම සතු ඖෂධ ප්‍රමාණය සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය පිළිබඳ දත්ත දිනපතාම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි මගින් ප්‍රදර්ශනය කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.
මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමටද අවස්ථාව හිමි වන බව ද ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැති හෙතෙම මේ බව සඳහන් කළේය.