කරාපිටිය ගැටුමේ සුලමුල එළියට..! වර්ජකයින් පිළිකා රෝගිනුත් ප්‍රාණ ඇපයට අරන්…!

January 19, 2024 at 3:44 pm | by emanisa.lk

රිමාන්ඩ් භාරයේ පසුවන කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම රෝහලේ පිළිකා ඒකකයේ වෛද්‍යවරු, හෙද හෙදියන්, රෝගීන් සහ ප්‍රදේශවාසීන් අද (19) විරෝධතාවක නිරත වූහ.

ඔවුන් පවසන්නේ වෛද්‍යවරයාට පහර දුන් රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් පසුගිය 16 වනදා ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ළමා, පිළිකා ඇතුළු විශේෂිත රෝහල්වල සිදුනොකරන බව සඳහන් කළද කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඊට එක්ව තිබිණී.

මේ නිසා පිළිකා අංශයේ කටයුතු අඩපණ වී ඇති අතර යොදාගත් සැත්කම් කිහිපයක් සඳහා ද බාධා එල්ල වී ඇත. පිළිකා අංශ ප්‍රධානී ක්‍රිශාන්ත පෙරේරා මේ පිළිබඳ රෝහල් පාලනය වෙත පැමිණිලි කර ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *