කබ්රාල්ට කැබිනට් බලතල සහිතව මහ බැංකු අධිපති ධූරය….!

September 8, 2021 at 6:51 am | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් වෙත චීනය, සිංගප්පූරුව සහ වියට්නාමයේ මෙන් කැබිනට් බලතල සහිතව මහ බැංකු අධිපති ධූරය හිමි වනු ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඔහුට කැබිනට් අමාත්‍ය බලතල හිමි වන අතර මුදල් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ බලය ද හිමි වෙයි.

මහින්ද රාජපක්ෂ රජය යටතේ 2015 වන තුරු මහ බැංකු අධිපති ධූරය දැරූ කබ්රාල් නව තනතුර භාර ගැනීමට නුදුරේ දී ම සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *