කදිරගාමර් වගේ නායකයෙක් ජනාධිපති කරන්න සූදානම්…! – ගෙවිඳු….

June 3, 2022 at 3:29 pm | by emanisa.lk

ගාලු මුවදොර අරගලකරුවන් ‘ගෝඨා ගෝ හෝම්’ යනුවෙන් මිස ජනාධිපති ධූරය අහෝසි කළ යුතු යැයි මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

එහෙත් එහි කියැවෙන ‘225ම එපා!’ය යන සටන් පාඨයෙන් වර්තමාන පාර්ලිමේන්තු ක්‍රමය ජනතාවට එපා වී ඇති බව සන්නිවේදනය වන බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ.

නිදහසට පෙර පවා පෙන්නම්බලන් අරුණාචලම් වැනි නායකයින් මේ රටේ සිංහල ජනතාව සිය නායකයකු ලෙස පිළිගෙන කටයුතු කළ බව ද ගෙවිඳු කුමාරතුංග පෙන්වා දෙයි.

2004 අගමැති ධූරය මහින්ද රාජපක්ෂට නොව ලක්ෂ්මන් කදිරගාමර්ට ලබා දිය යුතු යැයි සිංහල ජනතාව අතර ප්‍රබල මතයක් තිබූ බව ද හෙතෙම සඳහන් කළේය.

එහෙයින් පටු වාර්ගික සීමාවෙන් ඔබ්බට පැමිණ සමස්ත රට සහ ජනතාව පිළිබඳ සිතා කටයුතු කරන දෙමළ නායකයින්, වාර්ගික සීමා ඉක්මවා ගොස් සිය නායකයින් ලෙස පිළිගැනීමට සිංහල ජනතාව කිසිදු අවස්ථාවක පසුබට නොවන බව ද ගෙවිඳු කුමාරුංග අවධාරණය කළේය.

පසුගියදා (01) දෙරණ අලුත් පාර්ලිමේන්තුවට එකතු වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *