කතරගම මහ දේවාලයේ ආදායම අට ගුණයකින් ඉහළ දැමීමට තමන් සමත්ව ඇතැයි රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පවසයි.
බස්නායක නිලමේ තනතුරේ රාජකාරි ආරම්භ කරන විට රුපියල් මිලියන 50ක්ව පැවැති වාර්ෂික ආදායම මේ වන විට රුපියල් මිලියන 400 ක් දක්වා වර්ධනය වී ඇති බවයි, ගුණසේකර මහතා සඳහන් කළේ.
මෙම වසරේ පළමු මාස හය තුළ පමණක් දේවාලයේ ආදායම රුපියල් මිලියන 214 ක් බව රුහුණු මහා කතරගම දේවාලයේ ආදායම් වාර්තාව හෙළිදරව් කොට තිබේ.
මෙලෙස ආදායම වර්ධනය වීමට ප්රධාන හේතුව වී ඇත්තේ බැතිමතුන් පූජාවට්ටිවල තබා දේවාලයේ කපු මහතුන් වෙත ලබාදුන් මිල මුදල් සහ පූජා භාණ්ඩ දේවාලයේ පඬුරු පෙට්ටි වෙත සහ කාර්යාලය වෙත බාරදීමට කටයුතු කිරීමයි.
මේ අතර දේවාලයේ ආදායමෙන් ගොඩනැගූ අපේක්ෂා රෝහලේ ඇඳන් 500 ක වාට්ටු පරිශ්රය ජුලි 23 වැනිදා විවෘත කිරීමට සූදානම් අතර ඉදිරියේදී තවත් වාට්ටුවක් ඉදිකරක බවත් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයා වැඩි දුරටත් පැවසීය.