කට වරද්දා ගත් විදුලි සභාපතිට ගෙදර යන්න වෙයි…!

June 13, 2022 at 3:14 pm | by emanisa.lk

විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර Twitter සටහනක් තබමින් සඳහන් කරන්නේ, තමන් එම ඉල්ලා අස්වීම පිළිගත් බවයි.

එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩුගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ විදුලිබල මණ්ඩලයේ නව සභාපති ධුරයට එහි හිටපු උප සභාපති නලින්ද ඉල්ලංගකෝන් පත්කර තිබේ.

පසුගියදා කෝප් කමිටුව හමුවේ ඉන්දීය අගමැතිවරයා මන්නාරම සුළං බලාගාරය අදානි සමාගමට ලබා ගැනීමට බලපෑම් කරන බවට සිදුකළ ප්‍රකාශයක් නිසා මහත් ආන්දෝලනයක් ඇති විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *