කටුනායක මස් ෆැක්ට්‍රිය මුලින් ම මගේ බෙල්ල කපලා මරපල්ලා! – මර්වින්

December 19, 2020 at 5:22 pm | by emanisa.lk

කාලි කෝවිලේ අවුරුදු සිය ගණනක් බිලි පූජාවට බිලි දුන් සතුන් බේරා ගැනීමට තමන්ට හැකි වූ බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසයි.

එහෙත් නිදහස් වෙළෙඳ කලාපයේ සතුන් මරා ලෝකයට ම මස් දීමට ෆැක්ට්‍රියක් විවෘත කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ යැයි හෙතෙම චෝදනා කරයි.

මේ බුදුන් වැඩිය භූමියේ මෙවැනි පොළොව නූහුලන අපරාධ කිරීමට ඉඩ ලබා නොදෙන ලෙස තමා මහා සංඝ රත්නයෙන් ඉල්ලා සිටින බව මර්වින් සිල්වා ඉල්ලා සිටියි.

නො එසේ නම් මෙම මස් ෆැක්ට්‍රිය විවෘත කරන දවසට සතෙකු වෙනුවට තමන්ගේ බෙල්ල දීමට දීමට තමා සූදානම් යැයි ඔහු රජයට කියයි.

අද (19) මාධ්‍ය හමුවකට එකතු වෙමින් මර්වින් සිල්වා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *