කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රවාහන සේවාවලින් 2200කට අධික පිරිසක් ජීවිකාව කර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එම පිරිස පිළිබඳ නොතකා Uber සහ pick me සේවා සඳහා ද එහි සේවා කටයුතුවල නිරත වීමට ගුවන්සේවා ඇමැතිවරයා අනුමැතිය ලබා දී ඇති බවයි.
මහ පරිමාණ සමාගම් සඳහා ගුවන්තොටුපළ ප්‍රවාහන පහසුකම් සැපයීමේ අවස්ථාව ලබා දෙමින් 2200කට අධික පිරිසකගේ රැකියා අවස්ථා අහිමි නොකරන ලෙස විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.