කටුනායකින් පැන්න බූරු මූණා අවිස්සාවේල්ලෙන් අල්ලයි..!

March 17, 2023 at 2:54 pm | by emanisa.lk

මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 24 වනදා සැකකරු විදේශගතවීමට උත්සාහ ගැනීමේ දී කටුනායක ගුවන්තොටුපොළ පොලිස් භාරයට ගත් සැකකරු හිමිවරුන් දෙදෙනෙකුගේ උපකාරය ඇති පළාගොස් තිබුණි.

පොලීසිය සඳහන් කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවය. පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල ප්‍රදේශයේ ආපනශාලා හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු චෝදනා රැසක් ඔහුට එල්ලවී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *