බෝම්බ බියක් නිසා කටුනායක ගුවන්තොටුපළට පැමිණි ගුවන් යානයක් විශේෂ පරික්ෂාවකට ලක් කර තිබේ.
මුම්බායි ගුවන්තොටුපළ බලධාරින් විසින් කටුනායක ගුවන්තොටුපළ බලධාරින් වෙත කළ දැනුම්දීමක් අනුව මෙම පරික්ෂාව සිදුකර තිබේ.
අදාළ ගුවන් යානය පස්වරු 03.05 ට පමණ කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇති අතර ගුවන් හමුදාව, කමාන්ඩෝ බලකාය, පොලිසිය සහ ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරින් මෙම මෙහෙයුමට සම්බන්ධ වී තිබේ.
එම ගුවන් යානයේ සිටි මගීන් 240 දෙනා විශේෂ පරීක්ෂාවකට ලක්කර ගුවන් යානය ආරක්ෂක නිලධාරින් විසින් පරීක්ෂා කරමින් පවතියි.