කජීමාවත්ත ගින්නෙන් සුරුට්ටු දල්වන්න ගිය මනෝට ජනතා විරෝධය….!

March 15, 2021 at 3:40 pm | by emanisa.lk

මට්ටක්කුලිය ෆර්ගියුසන් පාර කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක අද ඇති වූ ගින්නකින් නිවාස 30ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. අද අලුයම 2.30 ට පමණ කජීමාවත්ත නිවාස පෙළේ ගින්න හට ගෙන තිබුණි.

අනතුරුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ගින්නෙන් හානි වූ නිවාස බැලීමට පැමිණි අතර එහිදී නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබුණි.

මනෝ ගනේෂන් මහතා පැමිණ, “වටේ තියෙන තට්ටු නිවාස ඔක්කොම අපි හැදුවේ. කලබල වෙන්න එපා දෙනවා අපි. අපේ ආණ්ඩුව නෙවෙයි නේ. නමුත් දෙනවා දැන්,” යනුවෙන් පැවසීමත් සමග එම උණුසුම් තත්ත්වය ඇති වී තිබුණි.

කැලණි නදී විහාරයේ විහාරාධිපති පූජ්‍ය අකුරැස්සේ අරියසාගර හිමි පැවසුවේ,”මන්ත්‍රීතුමා මේක දෙන්න තිබුණු කාලය දැන් ඉතින් පහු වුණා. ඒ කාලේ දුන්නේ නෑ නේ. මම ඉන්නේ මෙහේ. නිකන් බොරු කියන්න එපා” යනුවෙනි.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ, “ඔක්කොම වැඳගෙන එනවා ගන්නකං. ඊට පස්සේ ඩෝසර් දාලා කැඩුවේ,” යනුවෙනි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *