කච්චතිවු ඉන්දියාවට දෙන්න දෙමළ පක්ෂ විරුද්ධයි..! දකුණේ පක්ෂ නිහඬයි…!

June 4, 2022 at 4:10 pm | by emanisa.lk

කච්චතිව් දුපත යළි ඉන්දියාව සතු කරගැනීමේ තමිල්නාඩු මහ ඇමැතිගේ යෝජනාවට උතුරේ දෙමළ පක්‍ෂවල විරෝධය එල්ල වී
තිබේ.

තමිල්නාඩු හා උතුරු ලංකා ධීවරයන්ගේ ගැටලුව විසඳීමට කච්චතිව් දුපත යළි ඉන්දියාවට පවරා ගන්නා මෙන් තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගෙන් ඉල්ලා සිටියේය.

ඒ චෙන්නායි නුවර පසුගිය දා පැවැති උත්සවයකදීය.

මහ ඇමැති ස්ටාලින් පැවසුවේ තමිල්නාඩු ධීවරයන්ට අනුව ඉන්දු-ලංකා මුහුදේ ගැටලුවට හොඳම විසඳුම වන්නේ කලකට පෙර ලංකාවට පවරා දුන් කච්චතිව් යළි පවරා ගැනීම බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *