කංසා වවන්න බලය දෙන කැබිනට් පත්‍රිකාව හෙට..!

February 4, 2024 at 10:10 am | by emanisa.lk

ඖෂධීය වගාවක් සේ කංසා වගාකිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට හෙට (05) ඉදිරිපත් කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

මෙහිදී අපනයනය සඳහා පමණක් ඖෂධීය කංසා වගාව කිරීමට නීතිගත කිරිමට නියමිතය. ඒවා අපනයනය කෙරෙන්නේ ඖෂධ නිෂ්පාදන කටයුතු සඳහා පමණක් බව ආයුර්වේද රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පවසයි.

ආයෝජන මණ්ඩලයට අයත් ඉඩම්වල මෙම කංසා වගා කිරීමට නියමිතය. ඖෂධීය කංසා වගාව සඳහා ආයෝජකයන් කැඳවීමට අදාළ නීති රෙගුලාසි සකස් කිරීම සඳහා නෛතික බලය ආයුර්වේද දෙපාර්තමේන්තුවට නොමැති බැවින්, එම අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.

කංසා වගා කිරීමට අදාළව ආයෝජකයන් රැසක් ඉදිරිපත්ව සිටින බවත්, ඊට අදාළ කටයුතු සියයට 90 ක් පමණ අවසන් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාත්, දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඝෘජුව සම්බන්ධ වන සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව අපනයනය සදහා ඖෂධීය කංසා වගා කිරීමේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය මීට පෙරදී ලබාගෙන තිබිණි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *