රටේ පවතින ඖෂධ හිඟය ඇතුළු සිය ක්ෂේත්රයේ පවතින විෂමතා මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අද (22) රෝහල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබේ.
ඒ අනුව දහවල් කෑම පැය තුළ මෙම විරෝධතා පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් රෝගී ප්‍රතිකාර සඳහා බාධාවක් නොවන අයුරින් මෙම විරෝධතා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
සෞඛ්‍ය ක්ෂේත්රය තුළ මතු වී ඇති ගැටලුකාරී තත්ත්වයන් විසඳීමට රජය නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා මෙම විරෝධතා සංවිධානය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.